මෙවර ලෝක කුසලානය හැඩ ගන්වන ක්‍රීඩාංගන හා තණතීරු

Image placeholder

ක්‍රිකට් ක්‍රීඩාවේ මෞලි  මංගල්‍යය වන එක්දින ලෝක කුසලානයට පමණක් දෙවෙනි වෙන T20 ලෝක කුසලානය ආරම්බ  වෙලා දැන් දවස් කීපයක් ගෙවිලා ගිහින්. ඉතින් මෙවර ලෝක කුසලානය තරමක් වෙනස් , මොකද වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් (20 ) වගේම අලුත්ම තණතීරු සහිත ඇමරිකාව වගේ රටක ( සහ බටහිර ඉන්දීය කොදෙව් ) පැවැත්වෙන තරග නිසා අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවට ඇබ්බැහි වෙලා කිව්වොත් ඒක  වරදක් නෙවෙයි.

ඉතින් අපි අද මුලින්ම කතා කරන්න යන්නේ ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දෙන ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය දුපත් වල ක්‍රීඩාංගන වල තත්වය කොහොමද කියලා බලන්න ඔයාලව එක්කන් යන්න. ඉතින් අද ක්‍රීඩාංගන ගැන කතා කරන පලවෙනි ලිපිය විදියට තරගාවලිය ආරම්භ කරන ඇමරිකාවෙන් ම පටන් ගමු.


MapChart Map.png

  

ප්‍රාන්ත 50 කින් සමන්විත වර්ග කිලෝමීටර මිලියන 9.834 සමන්විත ලෝක බලවතාගේ නිජභුමියට ක්‍රිකට් සම්ප්‍රාප්තවීමෙන් කියා පාන්නේ ක්‍රීඩාවක් ලෙස මෙය ටිකෙන් ටිකෙන් වර්ධනය වෙමින් පවතින බවයි. ඉතින් ඇමරිකාවේ ප්‍රාන්ත 50 අතරින් ප්‍රාන්ත 3ක පවතින ක්‍රීඩාංගන 3 ක පළමු වටයේ තරග 16 ක් සදහා භුමිය සපයනවා. මේ ප්‍රාන්ත 3 වන්නේ Florida, New York සහ  Texas. පළවෙනි  තරගයට සත්කාරකත්වය දුන්නේ Texax  වල තියෙන Dallas  ක්‍රීඩාංගනය යි.

Grand Prairie Cricket Stadium, Dallas

ආරම්භක ඇමරිකානු සහ කැනඩා තරගයට සත්කාරකත්වය දුන් මේ ක්‍රීඩාංගනය 2008 වසරේදී ඇමරිකානු baseball  ක්‍රීඩාව සදහා ඉදිවුවක්. ඇමරිකානු baseball ලීගය සදහා තරගවදින Texax  Airhogs  කණ්ඩායමේ home  ground  එක ලෙස 2019 දක්වා පුරා වසර 11 ක් පැවතුන මෙය 2019 වසරේදී ඇමරිකානු ක්‍රිකට් ආයතනය හා වාණිජ සහකරුවෙක් ලෙස ක්‍රියාකරන American Cricket Enterprises අත්පත් කරගන්නවා. ඇමරිකාවේ පැවැත්වෙන domestic T20 ලීගය වන MLC තරගාවලියේ  Texas Super Kings කණ්ඩායමේ home  ground  එක ලෙසත්,  ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩාපිටිය ලෙසත් භාවිත වනවා.

grand-prairie-stadium-compressed (1).jpeg

  
ඇමරිකාව තුල ජිවත් වන දකුණු ආසියාතිකයන්ගේ  සැලකිය යුතු ඩයස්පෝරාවක් ජිවත් වන මෙය ඇමරිකාවේ ක්‍රිකට් hub  එක ලෙස හැදින්වීමත් වරදක් නැහැ. රටවල් 7 ක් තරග 4 ක් තුලදී එකිනෙකා  හමුවීමට නියමිත අතර ශ්‍රිලංකාවේ ආරම්භක තරගය වන බංගලාදේශ - ශ්‍රීලංකා තරගයටත් සත්කාරකත්වය දෙන්නේ මේ Dallas  ක්‍රීඩාංගනයයි.

එක්වර  15000 කට අසුන්ගත හැකි මෙහෙ හයේ සීමාව කෙටි අන්තයෙන් 64-66m  සහ දිග අන්තයෙන් 74-76m  පමණ වෙනවා. ඉතාම සෞම්‍ය කාලගුණයක් පවතින මෙහි වර්ෂාපතනය සම්බන්ධයෙන් ලොකු ගැටළුවක් නොවනු ඇතැයි  විචාරකයන් පවසනවා.

Central Broward Park & Broward County Stadium, Lauderhill, Florida

2007 වසරේදී පළමු වරට ඉදිකිරීම් අවසන්වුනු මෙම ක්‍රීඩාංගනයේ  පළමු ජාත්‍යන්තර තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් වාසනාවන්ත උනා. ජයපරාජයෙන් අවසන් වුනු එම තරගාවලියෙන් පසුව 2012 දී නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් හමුවන තෙක් කිසිම ජාත්‍යන්තර තරගයක් පවත්වා නැහැ. 20000 කට පමණ එක වර අසුන්ගත හැකි මෙය ICC විසින් ඇමරිකාව තුල අනුමත කල පළමු ක්‍රීඩාංගනය වනවා.හයේ සීමාව කෙටි කලාපයෙන් 68-71m  වන අතර දිග කලාපයෙන් එය 73-78m  දක්වා දිවයනවා.
 
LauderhillStadium1(1).jpg
ලීග්  කාණ්ඩයේ තරග 4 කට සත්කාරකත්ව ලබා දෙන මෙම ක්‍රීඩාංගනයේ පළමු තරගය වන ශ්‍රීලංකාව සහ නේපාලය අතර තරගය කෙසේ සිදුවේවි දැයි ශ්‍රී ලාංකිකයන් මෙන්ම අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය ද බලාසිටින්නේ තණ තීරුවේ හැසිරීම කෙසේ තමන්ගේ තරග දෙක සදහා සිදුවේවිදැයි පොඩි හෝ ඉගියක් ලබාගැනීමටයි .

Nassau County International Cricket Stadium, New York

2024 ලෝක කුසලානය වෙනුවෙන්ම ඉතාම ඉක්මනින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩාංගනය ඉතාම ප්‍රකට ඉන්දු - පකිස්තාන් තරගය වෙනුවෙන් යොදාගැනීමට කටයුතු කිරීම නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත් උන කිවහොත් එහි වරදක් නෑ. ඉන්දු- පකිස්ථාන තරගය ඒ තරමටම උද්වේගකරයි. ආසන  34000 කින් සමන්විත ඉතාමත්ම නවීනතම පහසුකම් වලින් සමන්විත මෙහි ලෝක කුසලානයේ තරග 8 කට සත්කාරකත්වය ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස අප බලා සිටින පළමු ශ්‍රී ලංකා තරගය යෙදී  ඇත්තේද දකුණු අප්‍රිකාව සමගින් මෙම Nassau  ක්‍රීඩාංගනයේය. 
WhatsApp_Image_2024-04-24_at_02.43.31_51794197-a5ac-4a49-acc4-bbc85b3725dd.jpg

හයේ සීමාව 65m -70ම අතර පරාසයකින් පවතින මෙය Populoas නමැති අහමදාබාද් වල ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනය නිර්මාණය කල කණ්ඩායමේම තවත් එක්  ව්‍යාපෘතියක් ලෙස හදුනාගැනීමට පුළුවන. ඕස්ට්‍රේලියවේ adelaide  ක්‍රීඩාංගනයේ  තණතීරුව  ඇමරිකාවේ මෙම ක්‍රීඩාංගනය සදහා ප්‍රවාහනය කිරීමත් එක්තරා ආකාරයක නැවුම් ක්‍රියාවලියක් ලෙස හදුන්වන්නට පුළුවන.

ඉතින් අද අපි ඔයාලත් එක්ක බෙදාගත්තා USA  වල තරග 16 පැවැත්වෙන ක්‍රීඩාංගන තුනෙහි තත්ත්වය. ඊලග ලිපියෙන් ඔයාලව දුපත් රාජ්‍යයකට රැගෙන යනකම් ජයග්‍රාහී විරාමයක්.

මෙල්බන් නුවර සිට සමිඳු නිමල්ක ලියයි